Tuesday, March 13, 2012

KING RAVANA

ඇතැම් ප්‍රකෘතිමත් අතීත වාර්තා පවසන පරිදි, සිංහල ජාතියෙහි උපත සිදුවී ඇත්තේ ප්‍රධාන පෙළපත් හතරක් මුල් කරගෙනයි. ඒ යක්ඛ, නාග, දේව සහ රාක්ෂ යන සිවු පෙළපතයි. එනයින් ගත්කල සිවුහෙළය යනු හිරු දෙවියන්ට වැදුම් පිදුම් කල එකම රටක එක කොඩියක් යටතේ පාලනය වූ රාජ්යියක් බව නොරහසකි. තවද, හිරු සඳු සහිත රාවණ කොඩිය ලංකාවේ පැරණිත ම කොඩිය ලෙස ද සැලකෙයි. දැනට පවතින සිංහ කොඩි සංකල්පය මෙරටට ආවේ මෙයට ශතවර්ශ 25 කට පෙර පැමිණි විජය කුමරුන් සමඟිනුයි.

රාවණා විසින් තමන් බලයට පැමිණි වහාම, ඉදිකලා යැයි කියන තම මවුපියන් සිහිකර තැනූ දෙවොල, අතීතයේ මලවුන් වන්දනාව යක්ඛ ගෝත්රිය තුල තිබූ බවට සලකුණක් ලෙස හඳුනා ගන්නට පුළුවන. මේ දෙවොල [[පණ්ඩුකාභය රජ|පන්ඩුකාභය රජු]] දවස බොදු ආගමික ස්ථානයක් බවට පත් කල බවට සැළකෙයි. [[පණ්ඩුකාභය රජ|පන්ඩුකාභය රජු]] යනු, යක්ඛ ගෝත්රකය පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්වූ රජ කෙනෙක් බව ඉතිහාසයේ සඳහන් වෙයි. මෙම ස්ථානය අද වන විට “ඉසුරුමුණිය” ලෙස හඳුන්වන බවට සැලකෙයි.
'''රාවණා වත''' නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම [[සීගිරිය]] තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු (වෙසමුණි) ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමයෙහි දී එය හැඳින්වූයේ '''චිත්රණකූට''' නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාවට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන් වෙයි. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු (ක්රි .පූ.437-367) හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක් ලෙස සඳහන් වේ. ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බවට සැලකෙයි.

මෙයට අමතරව, රාවණා වතෙහි කියැවෙන ලෙසට, පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්ර යා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්රතකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන් ය. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්ර තිසංස්කරණය කළ හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙයි. චිත්තකූටයේ (පසුව සීගිරියේ) ඇති ලෝකප්ර්කට බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළය ගැන බවට විශ්වාස කළ හැකි ය. එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්රයය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්රත වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන් වේ.

*දඬුමොණරය
අද දවසේ බොහෝ අයගේ අවධානයට ලක්වන පුෂ්පිකය හෙවත් දඬුමොණරය යනු රාවණාගේ නිල රථය ලෙස සැලකේ. දැවයෙන් නිම කරන ලද මෙහි ඉන්ධන සඳහා භාවිතා වූයේ රසදිය බවත් දියමන්තියක් ආධාරයෙන් එම රසදිය උණු කිරීමෙන් දඬුමොණරය පණ ගැන්වූ බවට සඳහන්. තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය හෙවත් වත්මන් සීගිරිය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්රිශයාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙයි. සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන් වේ.

පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්රැමානයක් චිත්ර ණය කර තිබුණත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙයි. කුමක් වුවත් රාවණා හෝ කස්සප නිසා හෝ චිත්තකූට හා ආලකමන්දාවෙන් හැඳින්වෙන සීගිරිය ලොව පැරණිතම බලකොටු මාලිගාව වීම වලකන්නට නම් බැහැ.


*රාවන නම් වෛද්ය වරයා
සංස්කෘත භාෂාවෙන් නොයෙකුත් සම්භාව්ය= ආයුර්වේද ග්රැන්ථ කිහිපයක්ම රවුලන් හෙවත් රාවණ විසින් කර ඇත.

*කුමාර තන්ත්ර ය (කුමාර චිකිත්සා) : ලාදුරු ඇතුළු නොයෙක් රෝගයන්ට සහ බලවත් ඖෂධ වට්ටෝරු දහසක් අඩංගුය
*උදිස්සා තන්ත්රවය (උද්දීය තන්ත්රාය) : මෝහන ප්රීතිකාරය හා ගුප්ත විද්යාරවන් පිළිබදව
*නාඩි ප්රතකාශය : නාඩි ශාස්ත්රායට අනුව රෝග නිශ්චය
*අර්ක ප්රතකාශය : මේ කෘතිය අවසන් වන්නේ පහත වැකියෙනි. “ලංකාධිපති රාවන විසින් ප්රදබන්ධ කරන ලද සර්ග සියයක් මෙසේ අවසන්වෙයි”.
* රසරත්නාකරය
* වටිකා ප්රයකරණය

මේ ග්රින්ත වල රවුලන්ගේ ප්ර ධානත්වයෙන් හිමාලයෙහි ආයුර්වේද සම්මන්ත්රපණයක් පැවැත්වූ බවද සදහන් වී ඇත. ඒ අනුව රාවන අති දක්ෂ වෛද්යාවරයකු , මනෝ වෛද්යමවරයකු මෙන්ම ප්රවථම වෛද්යව මණ්ඩලයේ සභාපතිවරයා ද වේ.

*පුරා විද්යානත්මක සාක්ෂි
:* “පරුමුඛ නගුලිය ලෙන” සීගිරියේ (අද නයිපෙන ගුහාවේ) හෙළ භාෂාවෙන් ලියවී ඇති සෙල්ලිපිය. මෙවැනි සාධක රාශියන් තල්කොටේ ගම තුල හා ඒ අවට අදද දක්නට ඇත.
:* ආදම්ගේ පාළම - මන්නාරම (පාවෙන ගල්වලින් බැද ඇත)
:* යාල (බ්ලොක් 5) හි ඇති ගෝනාගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි
:* රාවන ගොඩ (නුවරඑලිය) සෙල්ලිපිය
:* ග්රා ම නාම - සීතා එලිය, රාවනා ඇල්ල වැනි
:* මන්දෝදරී බිසවගේ මාලිගාවක් මහියංගනයේ ඇත.
== පුරා විද්යා ත්මක සාක්ෂි ==
:* “පරුමුඛ නගුලිය ලෙන” සීගිරියේ (අද නයිපෙන ගුහාවේ) හෙළ භාෂාවෙන් ලියවී ඇති සෙල්ලිපිය. මෙවැනි සාධක රාශියන් තල්කොටේ ගම තුල හා ඒ අවට අදද දක්නට ඇත.
:* ආදම්ගේ පාළම - මන්නාරම (පාවෙන ගල්වලින් බැද ඇත)
:* යාල (බ්ලොක් 5) හි ඇති ගෝනාගල සෙල්ලිපිය වැනි සෙල්ලිපි
:* රාවන ගොඩ (නුවරඑලිය) සෙල්ලිපිය
:* ග්රා ම නාම - සීතා එලිය, රාවනා ඇල්ල වැනි
:* මන්දෝදරී බිසවගේ මාලිගාවක් මහියංගනයේ ඇත.

*ලංකාවේ පළමු බෞද්ධ රජතුමා රාවණ රජ තුමායි
හිරන්යා කාශ්ය ප රජුගෙන් පසුව නැවතත් තුන් ලෝකයම පාලනය කලායැයි සදහන් වෙන රජකෙනෙක් තමයි රාවණ රජු. අදටත් ලංකාවේ කිසිම රජකෙනෙක් හා නොබැදුන තරම් ස්ථාන රැසක් රාවණ රජු හා බැදී පවතිනවා. අද අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේ රාවණ නම් ඒ ශ්රේාෂ්ඨ නරපතියා ගැන විමසලා බලලාම ඉදිරියට යමු.
විශ්රවවස් කියන් ඉතා බලවන්ත මුණිවරයා හා කයිකේෂි කියන කුමරිය තමයි රාවණ රජුගේ දෙමාපියෝ වෙලා තියෙන්නෙ. මෙහිද හිංදු සාහිත්යෙයය් සදහන් වන කතා පවුතක් තමයි, කියිකේෂි කියන්නේ දෛටිය නැමති රාජධානියේ රජකල සුමාලී කියන රජුගේ දියණිය. සුමේලි ඉතා බලගතු රජෙක් වුණ නිසා තම උරැමය බාරදෙන්න සුමේලිට වඩා බලගතු කෙනෙක් තමයි සුමාලි රජු තම දියණියට විවාහ කර දීමට සෙව්වෙ. අවසානයේ ඒ වන විට ලොකයේ කිසිම කෙනෙක් එහෙම නැති වුණ නිසා මුණිවරයන්(තාපසවරුන්) අතරින් බලවත්ම මුණිවරයෙක් වුණ විශ්රමවසට තම දියණිය සුමාලි විසින් විවාහ කරලා දෙනවා. රාවණ කියන්නෙ මේ යුවලගේ පුත්රරයා. මේ වන විටත් විශ්රමවස මුණිවරයාට තම රකුස් බිරිද වු රකාට දාව උපන් කුවේර නැමති පුත්ර්යාත් මේ වන විට ඉදලා තියෙනවා.

ඉසුරු මුණියේ දක්නට ඇති මෙය විශ්ර වස් මූණිගේ යැයි සැලකෙනවා
රාවණ රජුගේ පියපාර්ශවයේ සීයා, ඒ කියන්නේ විශ්රිවස් මුණිගේ පියා ලෙස සැලකෙනේනෙ පුලතිසි නම් මුණිවරයා. පරාක්රාම සමුද්ර ය අසල පිහිටි පිළිමයත් පුලතිසි නම් මුණිවරයාගේ ලෙස සැලකෙනවා. පුලතිසි මුණිවරයාගේ තපෝ වනය වුනේ අද පරාක්රමම සමුද්රයය පිහිටි භුමිය ලෙස සැලකෙනවා. කොහොම වුණත් හින්දු සාහිත්යාට අනුව පුලතිසි කියන්නේ මහා භ්ර්මයාගේ මනසින් ඉපදුනා වු පුතයෙක් ලෙසයි සැලකෙනේනේ. මෙතනින් අදහස් කරන්නේ පුලතිසි සෘෂිවරයා ඉතා බලවත් හා ප්ර ඥාවන්ත කෙනෙක් කියන එක වෙන්න ඇති. මේ නිසා රාවණ රජුට තම සම්බවයේදි බ්රායහමණ හා රාක්ෂ සම්මිශ්රවණයක් ලෙස වුණා කියන්න පුළුවන්.
රාවණගේ පියා වන විශ්ර වස් මුණියටතේම ශිල්ප හැදැරු රාවණ අහංකාර හා කලහකාරි අයෙක් බව විශ්රළවස් මුණි නිරික්ෂණය කරා. ඒ වගේම රාවණ ඉගෙනීමේ අතිදක්ෂයෙකු වු අතර වේද ග්ර න්ථයන් පරතෙරටම හැදැරුවෙක් වෙලා තියෙනවා. රාවණ රජු විසින් චතුර්වේචයෙන් එක් වේද ග්රේන්ථයක් ලිවු බවද කියැවෙනවා. ඒ වගේම රාවණ රජු වීණා වාදනයේද අති දක්ෂයෙක් හා දක්ෂ රණ ශුරයෙක් වූ බවත් සදහන් වෙනවා.
මෙම අධ්යාවපනයෙන් අනතුරුව රාවණ රජු විසින් ගෝකන්නේ දී උග්ර් තපස් රැකීම කල බවත් සදහන් වෙනවා. හින්දු සාහිත්යවට අනුව නම් උග්රණ තපස් රැකි රාවණ මේ තපස් රැකීම සිදු කර ඇත්තේ මහාබ්රහහ්මයාගෙන් වර ලබා ගැනීමටයි. එහිදී දස වතාවක් ඔහු තම හිස මහාබ්රකහ්මයාට පුජාකල අතර මෙහිදී ඔහු තම හිස සිදගන්නා වාරයක් වාරයක් පාසාම තවත් හිසක් මතු වූ බවත් අවසානයේදී දස වන හිසද සීදීමට යාමේදී මහාබ්රරහ්මා පැමිණ ඔහුට වරම් ලබා දීමට සූදානම් වු බවද වරය ලෙස රාවණ විසින් අමරණියත්වය හෙවත් අමෘතය ඉල්ලා සිටි අතර මෙයින් පසුබෑ මහ බ්රමහමයා අවසානයේදී ඔහුට අමෘතය ලබා දී තියෙන අතර එය ඔහුගේ නාභියේ තිබූ අතර එය රැදී පවතින තාක් කල් ඔහුගේ අමරණිය බව රැදී තිබෙන්නට සලස්වා තියෙනවා. මෙයට අමතරව මහා බ්රතහ්ම විසින් රාවණ විසින් පුජා කල හිස් දහයම නැවතත් රාවණට දුන් බව සදහන් වෙනා. බොහෝ තැන් වල මෙම රාවණගේ හිස 10 ගැන කියවෙනවා. හිංදු සාහිත්යෙනය් එසේ සදහන් වුවත් මෙයට වසර 1000 ගාණකට පෙර වුවද හිස් 10 සිටින මිනිසෙක් සිටිය නොහැක. මේ හිස් 10 යන්නෙ අදහස් වන්නේ රාවණ රජුගේ තිබූ අති මහත් වූ ඥානය විය හකි. හිස් 10 ත් සමගව තිබුණා යැයි කියැවෙන අත් විස්සෙන් කියැවෙන්නෙ රාවණ රජුගේ නොයේක් විද හැකියාවන් විය හැක.



රාවණ රජුගේ නාභියට විද මැරීම
අපි අපේ කලින් ලිපියකින් පැහැදිලි කලානේ විශ්ව කර්ම විසින් සිංහමුඛ උදෙසා නිර්මාණය කරන ලද ලංකාපුරය හා දඩුමොණරය පිළිබදව. සුරපද්ම කතිර කුමරු විසින් මැරුම් කැව නිසාම සිංහමුඛ රජුත් ලංකාපුරය අතහැර පළා යම නිසා විශ්වස් මුණිගේ වැඩිමහල් පුත්, ඒ කියන්නේ රාවණගේ සහෝදරයා ලංකාපුරය අත්පත් කරගැනීමත් අපි සටහන් කරානේ. අපේ ගවේෂණයේ අපි සදහන් කලේ රාවණ විසින් කුවේර දේව අධ්යා පනය සම්පූර්ණ නොකල නිසා ලංකා පුරය අත්පත් කර බවනේ. නමුත් සමහර තැන්වල වෙනස් විදියටත් සදහන් වෙනවා. ඒ විස්තර වලට අනුව නම් රාවණ රජුගේ මව යක්ෂ ගෝත්රිමක වන අතර රාවණ පැමිණ කුවේරගෙන් ලංකාපුරය හා දඩුමොනරය ඉල්ලා සිටි කල්හී කුවේර විසින් රාවණ පලවා හරිනවා. නමුත් ලේසියෙන් පසුබට නොවන්නෙකු වන රාවණ විසින් තම යක්ෂ ගෝත්රිුක නෑයන්ගේ උදව්වෙන් කුවේරව පලවා හැර ලංකා පුරය අත්පත් කරගන්නවා.
රාවණ විසින් සීතාව පැහැරගෙන ඇවිත් රාමාගෙන් පැරදුන බව කියමින් අදටත් රාවණ රජු පුළුස්සන හින්දූන් විසින් රාවණ කියන්නේ ඉතා ශ්රේවෂ්ඨ පාලකයෙක් බවත්, රාවණ රජ සමයේ ලංකාව සමෘද්ධිමත් බවත් කියන අතර රාවණ රජුගේ සමයේ රටවැසියන් සියල්ල ඉතාමත් සැපයෙන් ජීවත් වූ බවද කියනවා. මෙතනදී අපට සිතිය යුතු දෙයක් තමයි ඉතා බලවත්, යුද ශක්තියෙන් අනූන රාවණ රජු යුද්ධයෙන් රාමට පැරදුනාද යන වග...
රාවණ රජුගේ පවුලේ විස්තර හරියටම දැන ගන්න තියෙන මුලාශ්රය අඩු නමුත් රාමයාණයා අනුව අපිට රාවණ රජුලේ පුවලේ විස්තර මේ විදියට ගොඩ නගන්න පුළුවන්.
පුලතිසි සෘෂිවරයා -රාවණ රජුගේ පිය පාර්ශවයෙන් සීයා
සුමාලී - රාවණ රජුගේ මවු පාර්ශවයෙන් සීයා
විශ්රීවස් මුණි - රාවණ රජුගේ පියා
කයිකේෂි - රාවණ රජුගේ මව
සුභානු හා මරීච - රාවණ රජුගේ මාමාවරුන් (මවගේ සහෝදරයන්)
කුවේර - රාවණ රජුගේ සහෝදරයා(විශ්රවවස් මුණිගේ රකුස් බිරිදගේ පුත්ර යා)
විභිෂණ - රාවණ රජුගේ සහෝදරයා. රාමායණයට අනුව නම් රාමගේ බැතිමතෙක් වූ විභිෂණ රාම- රාවණා යුද්ධයේදී රාමට උදව් කරන අයෙක්. කොහෝම උනත් ඉන්දියානු කණ්නාඩිය ගලවා බලන කල නම් විභීෂණ කියන්නේ ඉතිහාසයේ මුල්ම පවා දීම කරපු පුද්ගලයා. පරාජය වීමට තිබූ රාමට උදවු කරන ලද්දෙ ලංකා රාජ්යනත්වය අපේකෂාවෙනි. තමාගේ දේෂයටත් ජාතියටත්, එකකුස උපන් සහෝදරයාටත් ද්රෝාහි වූ විභිෂණට අදත් දෙවියෙක් මෙන් සලකා පුද සත්කාර කීරීමත් පුදුමයක්.
කුම්භකර්ණ - රාවණ රජුගේ සහෝදරයා. හින්දු සාහිත්ය ට අනුව නම් කුම්භකර්ණගේ උග්ර තපස් රැකීමෙන් අනතුරුව මහා බ්රෙහමයා කුම්භකර්ණට වරයක් ඉල්ලීමට අවස්ථාව දුන් විට සදාකාලීකව නින්දක් ඉල්ලා තියෙනවා. නමුත් රාවණ රජුගේ බලපෑම මත මේ වරය වසරකට මාස හයක් නිදාගැනීමටත්, ඉතිරි මාස හය අවදී වී සිටින්නත් වරය වෙනස් කරලා තියෙනවා. (සමහරක් කෘති වල මෙය වසරකටම එක දිනයක් බව සදහන් වෙනවා) කෙසේ වෙතත් කුම්භකර්ණ රාම රාවණා යුද්ධයේදී රාවණ රජුගේ පාර්ශවයේ සටන් කල අයෙක් වුණ අතර තම සහෝදරයාට පක්ෂපාතී වූ අතරම රාමට නැවත සීතා ලබා දෙන ලෙස ඉල්ලා ඇති නමුත් අංහකාර රජෙක් වූ රාවණ එයට එකග වී නැහැ. එයට එකග වූවා නම් ලංකා ඉතිහාසය මෙයට බොහෝ සෙයින් වෙනස් වන්න ඉඩ තිබ්බා කියලා හිතන්න පුළුවන්
ඛාර - රාවණ රජුගේ සහෝදරයා. ජන්ස්ථාන් හෙවත් හෙළ අධිරාජ්යෙ ය් උතුර දිග ප්රෙසද්ශ පාලනය කල මොහුත් ඉතා දක්ෂ රණ ශූරයෙක් බව සදහන් වෙනවා.
ඓරාවණ - රාවණ රජුගේ සහෝදරයා. පාද+තල+යට( පාතාල) රාජධානියේ පාලකයා වූ අතර රාවණ යටතේ පාලනය කල බව හින්දු සාහිත්යෙුය් සදහන් වන නමුත් රාවණ රජු සුපර්ණිකාගේ සැමියා වන විද්්යුතත් කුමරු පාද+තල+යට රාජධානියට යවා පාලන කටයුතු ලංකා පුර යටතට ගැනීමේ දී ස්වාධීන රාජ්යතක් විදියට කටයුතු කරලා තියෙනවා.
දුෂාන - රාවණ රජුගේ සහෝදරයා ජනස්ථාන් හී උපරජු
කුම්භාණි - රාවණ රජුගේ සහෝදරියක් වන මැය රූප ශ්රීායෙන් අනූන අයෙක් බවත් පසුව තපසට ගිය බවත් සදහන්.
සුපර්ණිකා - රාවණ රජුගේ සහෝදරිය. රාම රාවණා යුද්ධයට කරුණක් වූ මැය දණ්ඩකාරණ්යි හී පාලිකාව වූවාය.
රාවණ රජු කියන්නේ ලංකාවේ හිටියම දක්ෂම රජකෙනෙක් යැයි දැනට තියෙන මුලාශ්ර් වලින් අපිට කියන්න පුළුවන්. ආයුර්වේදයේදී අදත් රාවණ රජු විසින් ලියන ලදැයි සැලකෙන පොත් පත් වල සදහනන් වෙනවා.
රාජාවලිය හා හෙළ හවුලේ සොයාගැනීම් වලට අනුව රාවණ රජු ජීවත් වන්නෙ බුදුන් වහන්සේටත් පෙර නමුත් මහායන බුද්ධ ධර්මයේ එන ලංකාවතාර සූත්ර යට අනුව රාවණ රජු බුදුන් වහන්සේට සමකාලීනව සිටි අයෙක් විදියටයි සැලකෙනේනේ. ලංකාව ථෙරවාදී බෞද්ධ රටක් වූ බැවින් ලංකාවේන් මේ ලංකාවතාර සුත්රයය සොයාගන්න අමාරුයි. බුදුන් වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කර බව ථෙර වාදී බුදු දහම පිළිගත්තද එහිදි බුදුන් වහන්සේ කල දේශනවාන් හොයාගන්න ථෙරවාදී බුදුදහම තුල අපහසුයි. බුදුන් වහන්සේ ලංකාවට වැඩි තුන් අවස්ථාවේම ධර්මය දේශනා කල අතර අපි දන්නා පරිදි බුදුන් වහන්සේ විසින් දේශනා කල ධර්මය සියල්ලම ආනන්ද මහ රහතන් වහන්සේ විසින් පළමු ධර්ම සංගයනාවේදී ප්රිකාශ කරනවා. නමුත් කෙසේ හෝ ථෙරවාදී බුදු දහම තුල මේ ලංකාවතාර සුත්රළය නොතිබෙන අතර මහායන බුදු දහමේ ප්රාධාන සුත්රආයක් විදියට ලංකාවතාර සුත්රහය සැලකෙනවා.

ලංකාවතාර සුත්රහය - මෙය ලියා ඇත්තෙි චීන බසිනි
මෙම ලංකාවතාර සුත්රුය දේශනා කරන ලද්දෙ රාවණ රජු උදෙසා බව ලංකාවතාර සුත්රකයේ සදහන් වෙනවා. ඒ අනුව ලංකාවතාර සුත්රලය රාවණ රජුට දේශනා කරන ලද්දෙ වී නම් රාවණ රජු බුදුන් වහන්සේ බැහැ දැක්ක අයෙක් විය යුතුයි. අති විශාල ප්රදඥාවක් තිබුණා වූ රාවණ රජු බුදුන් සරණ නොගියායැයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. රජකම පිළිබදව පසුකලෙක ඇති වූ රාවණ හා වීභිෂන අතර පැවති යුද්ධයකදී එයින් ලංකා සමාජය මුහදට යට වී බිහිසුණු විපත් ඇති වන දේශපාලන අර්බුදයක් වූ කල එය සමතයකට පත් කිරීමට බුදුන් වහන්සේ වැඩියායි යන්න තවත් මතයක්. ඒ කලේ ලංකවේ යක්ෂ නාග දේව හා රාක්ෂ කියලා කුල තිබුණා යැයි අපි පැවසුවනේ. යක්ෂ යැයි හදුන්වා ඇත්තේ යකඩ භාවිතා කල නිසාවෙනි. රකුස් රකු+කුස් කුස රැකීමට ගොවිතැන් කල අය රකුස් වුන අතර නාවික නාග වු අතර සියලලන්ම සංසකෘත භාෂාවට යද්දී අමනුෂ්යගන් බවට පත් වී යක්ෂයන් බවට පත් කරතිබේ.
කෙසේ වුවත් යක් ගෝත්රබ නාමය අතීතයේදීත් භාවිතා වූ බව දක්නට පුළුවන්. එයට ගන්න පුළුවන් හොදම උදාහරණය තමයි මහා වංශයටත් වඩා පැරණි ලියැවිල්ලක් වන වරිග පූර්ණිකා නමැති යක් ගොත්රිීක පුස්කොල පොතෙහි ශ්රිි රාවණ අධිරාජ්යාිෙග් නාමය කෞරාණ මන්ඨක ලෙස සදහන් වීම. මෙහි කෞරාණ යන්නෙහි සිංහල තේරුම සියල්ල සම්පූර්ණ කරන ලද වන අතර මන්ඨක යනු යකාය. එනම් රාවණ රජු සියල්ල සම්පූර්ණ කල යක් ගෝත්රිිකයෙක් බව පැහැදිලිය. මෙයිනුත් රාවණ රජුගේ තිබූ හැකියාවන් තහවරු කරන සාක්ෂී වැඩි වේ.

මෙය රාවණ රජුගේ පොරෝව යැයි සැලකෙනවා
ලෝකයට මමීකරණ හෙවත් සිරුරු නරක් නොවී තබා ගැනීමේ තාක්ෂණය දායක කලේද රාවණ රජු බව සදහන් වේ. ඒ වගේම තවත් පුරාවෘත්තයකට අනුව රාවණ රජු යුද්ධයෙන් මිය ගියේ නැත. රාමගේ විෂ පොවන ලද හී පහරින් මුර්ජා වූ රාවණ රජු අදටත් රාවණ+ගල රාගල නමින් හැදින්වෙන පර්වතයේ ඇති කුටියක සගවා ඇති බවත් කියවේ. මේ සියල්ලේ ඇත්ත නැත්ත කෙසේ වුවත් තුන් ලොවක් පාලනය කල රාවණ රජු යුද්ධයෙන් රාමගේ වානර හමුදාවකට පරාජය වූ වා යැයි පිළීගැනීම අපහසුය. රාවණ රජු විසින් සවර්ග, මතස්යු හා පාතාල යන තුන් ලොවක් පාලනය කල බව කියැවේ. ( බුදු දහමේ එන අංඝුත්තර නිකයේ , තික හී ආනන්ද වග්ගයේ එන මේ හා සමාන ලෝක, සමාන්තර ලෝක සංකල්පයට අනුව රාවණ රජු මේ හා සමාන ලෝක 3ක් පාලනය කලා විය හැක. බුදු දහමට අනුව එකල පෘථිවිය හැදින් වූයේ ජම්ඹූද්වීපය නමිනි.) රාවණ රජුගේ පුත්රමයා වූ ඉන්ද්ර ජිත් කුමරු විසින්ම වානර හමුදාව සමූල ඝාතනය කර රාම හා ලක්ෂමණ පරාජය කල බවත් සදහන් වන තැන් නැතේද නොවේ.

රාවණ රජු විසින් ඉන්දියාවද පාලනය කල බව කියැවේ. රමායනයේ එන දණ්ඩකාරණ්යර රාවණ විසින් තම නැගෙනිය වූ සුපර්ණිකා ලවා පාලනය කිරම අපට රාමායණයෙන්ම තහවුරු කරගන්න පූළුවන්. රාම රාවණ බිහිසුණු යුද්ධයට මුල පුරන්නේද මෙම කරුණ විය හැක. රාවණ රජු සත්ව ඝාතනය හෙලා දකින්නෙක් විය. නමුත් දණ්ඩකාරණ්ය ආශ්රිෙතව සිටි යෝගී වරුන් යාග හෝම වලට සතුන් බිලිදීම වැලක්වීම සුපර්ණිකා ප්ර්මුඛ රාවණ රජුගේ දණ්ඩකාරණ්යප රකුස් (රක්+කුස්) සේනාවට පවරා තිබූ එක් වගකීමකි. ඒවිට අයෝධ්යාණවේ රාජ්යත කල දශරථ රජු විසින් තාපස වෙස් ගෙන තම පුත්රසයන් දෙදෙනා එවන ලද්දෙ එය නැවැත්වීමටයි. ඔවුන් විසින් රාවණ රජුගේ 12000ක් වු රකුස් සේනාව මරාදමන ලද බව කියැවේ.තාපසයන් යනු භාවනා යෝගීව සිටන්නන් මිස අවි ආයුධ දරන්න් නොවේ. තාපස වෙස් රැගෙන වනයට පැමිණී රාම හා ලක්ෂමණගෙන් එ පිළිබදව විමසීම ඒ ප්රෙිද්ශ පාලිකාව වූ සුපරණීකා විසින් කිරීමෙන් අත් වූයේ ගැටුමක් ඇති වී ලක්ෂමණයන් විසින් ඇගේ නාසය කපා දමා ඇයට නින්දා කීරීමයි. හින්දු සාහිත්යෙූය් මීනාක්ෂී යන( මාළුවෙක්ගේ මෙන් ඇස් ඇති) නමින්ද හැදින්වෙන සුපර්ණිකා රූමතියකි. අගේ නාසය කැපීමෙන් මහත් නින්දාවට පත් වූ ඇය මේ පීළීබදව ඇගේ පාලකයා වූත් සහෝදරයා වූත් රාවණ රජුට පැමිණිලි කරන ලදි. රාවණ පැමිනෙන්නේ රාමට හා ලක්ෂමණට දඩුවම් දීමට මිස රාමගේ බිරිද සොරකම් කිරීමට නොවේ. මෙය පැහැදිලි වන්නේ ඇය පැහැරගෙන ගියත් ඇයට කිසිදු අතවරයක්., අවහිරයක් නොකර ආරක්ෂාකාරීව තබා ගැනීමෙනි. රාවණට වුවමානා වන්නේ රාමට දඩුවම් දීමටයි.
මෙයින් ඇති වූයේ බිහිසුණු යුද්ධයකි. එම යුද්ධයේ දී දක්නට ලැබෙන වැදගත් කරුණු කීහිපයකි එනම්
1. රාම හා ලක්ෂමණ විසින් විභීෂණව මුහුදු ජලයෙන් නහවා අභීෂෙක කරවීම
2. ලංකාව හා ඉන්දීයාව අතර පිහිටි ආදම්ගේ පාලම මිනිසා විසින් කරන ලද නිර්මාණයක් බව වාල්මිකිගේ යුගයේ සිටි මිනිසුන් දැන සිටීම
3. තුන් ලොවක් පාලනය කිරීමේ බලයක් රාවණ රජුට තිබීම
4. රාවණ රජු ඔත්තු සේවා මගින් රාමගේ හමුදා ගැන දැන ගැනීම
5. රාමගේ හිස මවා සීතාට පෙන්වීම
6. ගුවන් විමාන විවධ වෙස් වලට පර්වර්තනය කර ගුවන් ප්රදහාර එල්ල කිරීම (මෙය භෞතික තාක්ෂණයක් බව විමානික ශාස්ත්රන පොතෙහි දක්වා ඇත.
7. වානර හා මිනිස් සටන
8. රාවණ රජුගේ පුත් ඉන්ද්රාජිත් හදේ සිට ලෙස්ර් කිරණ මගින් පහර දීම
9. රාවණ රජුගේ පුත් ඉන්ද්රදජිත් විසින් නාග පාශ්රර නම් අස්ත්රදය හෙලීමෙන් නාගයන් අසූ හාරදහසක් මැවී රාම හා ලක්ෂමණ වෙලාගෙන පහර දීම (මෙබදු විෂ වායු සහිත බොම්බ හෙලීම් ගැන විමානික ශාස්ත්රර පොතේ දක්වා ඇත)
රාවණගේ මරණයෙන් ලංකාපුරයෙන් කොටසක් මුහුදට ගිලාබසින ලදි. තවත් සමහර කතා පුවත් වලට අනුව නම් විභීෂණගේ පවා දීම් හා රාවණගේ අවිම ඔහුට එරෙහිව භාවිතා කරීම නිසා යුද්ධයෙන් පරාජය වු රජු වෙනත් සමාන්තර ලෝකයකට පලා ගිය බව කියැවේ. ඉසුරුමූණියේ ඇති තාරකා ලංජනය ඇති තැන අතීත ලෝකයේ ලෝක ලෝක අතර ගමන් සදහා යොදගත් බව පැවසේ
කෙසේ නමුත් රාම රාවණ යුද්ධයෙන් පසුව රාවණ රජු ගැන හෝ ලංකාවේ රාජාලීය ගැන කරුණු සොයාගැනීම අපහසුය. නැවතත් ලංකාවේ රාජාලිය ඇරාඹෙන්නෙ බුදුන් වහන්සේට සමකාලීන යුගයේ සෙල්ලිපි වලිනි. රාජාලියට අනුව නම් සම්බුද්ධ පරිනිර්වාණයේ දවස් 7කට පසු විජය ලංකාවට ගොඩබසින ලදි. ඒ වන විට රාවණ මිය ගොස් හෝ පලා ගොස් වසර 1844ක් ගෙවී තිබු බවද රාජාවලියේ සදහන්වේ. බුදුන් වහන්සේට සමකාලීනව පනීත රජු සිටි බව කියැවේ.
නිවැරදි කාල නිර්ණයන් සහිතව ඉන් පසු රජුන් සොයා ගැනීම අපහසුය. නමුත් නුහුත නැතහෝත් සංඛ්යි නැමති රජකෙනෙක් ගැන සදහන් වේ. බින්දු 27 ක් දක්වා ගනන් කිරීම මේ රජු සොයගත් බවක්ද කියැවේ.

No comments:

Post a Comment